Sunday, February 10, 2013

Online Banking, හරිම සරලයි ....!



ලංකාවේ online banking....

ලංකාව එන්න එන්නම දියුණු වෙමින් තියෙන මෙවන් යුගයක online transactions කියන දේ කොළඹ හා තදාසන්න ජනයාට නම් එතරම් අමුතු දෙයක් නොවේ.

බොහෝ දෙනා මෙවැනි online transactions වලට අමුතු බියක් දක්වන්නේ පිටරටවල්වලින් නිතරම අහන්න ලැබෙන credit card වංචා සහ අනෙකුත් online මගින් සිදුවන අකටයුතුකම් නිසාය. 



නමුත් බොහෝ දෙනා නොදත් කරුණක් නම් මෙවැනි online transactions සහ e commerce නිසා ඔබේ ජිවිතයේ මුදල් හා සම්බන්ද කටයුතු ඉතාම පහසුවෙන් කරගත හැකි  වීමයි.

මම දන්නා තරමින් ලංකාවේ හැම බැංකුවකම online banking, e banking, sms banking වැනි නවතම පහසුකම් තම ගනුදෙනුකරුවා වෙනුවෙන් ලබා දී ඇත.
මම දැනට use කරන්නේ BOC account එකක්.ඇත්තම කියනවා නම් මගේ බැංකු පොත කොහෙද කියල මට හොයාගන්නත් නෑ ..... :D
 ඒ උනාට මම ඔක්කොම වැඩ ටික ගානට කරගන්නවා BOC e-Banking නිසා. එක හරිම ලේසියි. එකෙන් පුළුවන්
 

  • Account balance එක බලාගන්න
  • පහුගිය මස වල වෙච්ච transactions වල full report එකක් ගන්න.
  • ලංකාවේ ඕනෑම telco network provider කෙනෙක්ගේ bill එකක් ගෙවන්න.
  • ජල බිල්පත් , විදුලි බිල්පත් ගෙවන්න .
  • වෙනත් ඕනෑම BOC account එකකට  money transfer කරන්න.
වාගේ දේවල්.....
 


මේ වගේම මගේ යාලුවෙක් use කරනවා HNB account with online banking. ලංකාවේ සම්පත් web card සහ credit card හැරුණු කොට ගෙන international payment එකක් කරන්න පුළුවන් එකම විදිය HNB card (not a credit card, just the ATM card) එකක් මාර්ගයෙන් ගෙවීම. මගේ ඉදිරි post එකක් මම ebay ගැන කරන්න හිතන් ඉන්නවා. එකේදී මම ඒ ගැන වැඩි විස්තර සපයන්න හිතන් ඉන්නවා.

මේ වෙලාවේ මට වෙච්ච දෙයක් මතක වෙනවා ...
එක දවසක් මගේ dongle එකේ bill එක වැඩි වෙලා එක disconnect කරලා. මට ඒ වෙලාවේ foodcity එකකට යන්න විදියක් තිබුනේ නෑ. අතේ නම් සල්ලි තිබුන, එත් මොනවා කරන්නද?
මම අදාල service provider site එකට ගියා, අයියෝ සල්ලි, online payment වලට  register උනා, එක active වෙන්න දවස් දෙකක් යනවලු නේ ...
පස්සේ යන්තම් BOC එකෙන්ම ගෙවගත්ත.
BOC වලින් කරගන්න හැටි ඕන නම් පහල බලන්න...... online කියන දේට අමුතුවෙන් බයවෙන්න එපා....!

 


 ඕනෑම ලංකා බැකු ශාඛාවකින් ඔයාට ඒ form set එක ගන්න පුළුවන්. මහ දෙයක් නෑ. කොල දෙකයි තියෙන්නේ fill කරන්න. සති දෙකකින් විතර ගෙදරටම එනවා ලියුමක් user name and password එක්ක.

අන්න එක මතක ඇතුව මුල්ම දවසෙම වෙනස් කරන්න...

ඊට පස්සේ මෙන්න මේ website එකට යන්න. web.boc.lk

ඊට පස්සේ කරන විදිය පහළ පින්තුර වල තියනවා......

මුලින් BOC-eBank කියන එකට යන්න



 ඔතන තියන login කියන එක click කරාම හරි ...




අර  ඔයාට හම්බ උන username password ගහල log වෙන්න ...



1) වෙන BOC account එකකට සල්ලි දාන්න ඕන නම් 1 ට යන්න .... (හැබැයි ඊට කලින් 3 ට ගිහින් ඒ account එක ඔයාගේ third party account එකක් විදියට add කරලා තියෙන්න ඕන )

2) ඔයාට ඕනෑම බිලක්‌ ගෙවන්න 2 ට යන්න 

3) ඕනෑම ගිණුමක් add කරගන්න ඕන නම් 3 ට යන්න. ඔයාට mobile bill ගෙවද්දී හැමදාම number එක enter කර කර ඉන්න ඕන නෑ... bill payment account එකක් උනත් එතනින් add කරන්න පුළුවන්..



 සැ.යු. - bill payment account එක add කරලා නැත්නම් ඔයාට උඩ තියන bill type කියන එක unregistered කියන එක select කරලා හැම වෙලාවේම ඔයාගේ mobile number එක manually enter කරන්න වෙනවා..

එහෙම නැත්නම් ඉස්සරවෙලා කියපු user profile එකට ගිහින්  account එක  add කරන්න පුළුවන්.


ඔය  තියෙන්නේ ගෙවන්න පුළුවන් ජාති ......!


මෙතනින්  තමයි ඔයාගේ account control කරන්නේ, add accounts වලින් පුළුවන් තවත් BOC account එකක් එහෙමත් නැත්නම් bill payment account එකක් add කරගන්න....!



එහෙනම් හරිනේ ......